හිටපු පළාත් මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

එජාප හිටපු පළාත් මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

by Staff writer 07-07-2019 | 3:07 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් මීගමුව නගරයේදී කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්  විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි. මොහු පසුගිය මාර්තු මස 23 වන දා නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපොළ කොල්ලකෑම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු බව පොලීසිය පැවසී ය. ඔහු 53 හැවිරිදි , තලාදූව පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති අත්අඩංගුවට ගත් රොයිස් ප්‍රනාන්දු මහතා හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.