පක්ෂ ලියාපදිංචිය ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

by Staff writer 07-07-2019 | 7:57 AM

COLOMBO (News 1st) - ජාති හා ආගම් පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ මින් ඉදිරියට ලියාපදිංචි නොකිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, මෙවැනි පක්ෂ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් මෙන්ම ආගමික හා සමාජීය වශයෙන්ද විවිධ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාව හේතුවෙන් මේ පියවර ගත් බවයි. ඒ අනුව අදාළ තීරණයට එළඹි බව ද ඔහු පැවසුවේ ය. මේ අතර දැනට ජාතිවාදී හා ආගම්වාදී පදනමින් පිහිටුවා ඇති පක්ෂවල නම් ද ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට වෙනස් කර ගනිමින් සිටින බව ද ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.