by Staff writer 07-07-2019 | 9:55 AM
News 1st - ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග යළි සාකච්ඡා කිරීමට ප්‍රංශය එකඟවී තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන්, ඉරාන ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඒ බව තහවුරු කළේ ය.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ ය.
ඒ අනුව ලබන 15 වැනි දා සිට ඒ පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ වනු ඇති.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වූයේ පසුගිය වසරේ අමෙරිකාව ඉන් ඉවත්වීමත් සමගයි.
න්‍යෂ්ටික ගිවිසුම යළි බලාත්මක කිරීමට සහය වන ලෙස ඉරාන ජනාධිපතිවරයා යුරෝපීය රටවලින් ඉල්ලීමක් කළේ ය.