ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

20 May, 2019 | 6:22 am

දේශීය පුවත්

1. සාමයේ දස වර්ෂාභිෂේක රණවිරු සැමරුම : යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේ රණවිරු උත්තම ප්‍රණාම සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අභිමානවත්ව පැවැත්විණ.

2. කතානායකවරයාගෙන් නිවේදනයක්… : කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

3. ජාතික තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට : ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

4. දුම්මලසූරිය පාලමක් යට හිස් පතුරම් කොපු 1000ක් : පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී භාවිතයෙන් ඉවත් කරන ලද ආර්.පී.ජී. බූස්ටර් 73ක් හා කඩු දෙකක් පොලීසිය හා යුද හමුදාව අද සිය භාරයට ගත්තේ ය.

5. මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් : මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි 13 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් පුවත්…

1. නරේන්ද්‍ර මෝදිගේ ඉරණම තීන්දු කෙරෙන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර : ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම ප්‍රාන්ත 13 ක් කේන්ද්‍ර කර ගනිමින් ඊයේ පැවැත්විණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]