NTJ බවට සැකපිට පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

by Staff writer 19-05-2019 | 7:03 PM
COLOMBO (News 1st) : ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කුරුණෑගල ප්‍රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි. මොහු සමග තවත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි.