දුම්මලසූරිය පාලමක් යට හිස් පතුරම් කොපු 1000ක්

දුම්මලසූරිය පාලමක් යට හිස් පතුරම් කොපු 1000ක්

by Staff writer 19-05-2019 | 8:33 PM
COLOMBO (News 1st) : පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී භාවිතයෙන් ඉවත් කරන ලද ආර්.පී.ජී. බූස්ටර් 73ක් හා කඩු දෙකක් පොලීසිය හා යුද හමුදාව අද සිය භාරයට ගත්තේ ය. පොහොර බෑග් දෙකක අසුරා ඇළ මාර්ගයේ දමා ගොස් තිබූ මෙම භාණ්ඩ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර දුම්මලසූරිය, කරඳවිල පාලම යට තිබී විවිධ වර්ගයේ හිස් පතුරම් කොපු 1000කට ආසන්න ප්‍රමාණයක් අද සොයා ගැනිණ. පොලීසිය සඳහන් කළේ, ඉන් බහුතරයක් ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩවල හිස් පතුරම් කොපු බවයි.