සාමයේ දස වර්ෂාභිෂේක රණවිරු සැමරුම අදයි

සාමයේ දස වර්ෂාභිෂේක රණවිරු සැමරුම අදයි

by Staff writer 19-05-2019 | 6:53 PM
COLOMBO (News 1st) : යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේ රණවිරු උත්තම ප්‍රණාම සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අභිමානවත්ව පැවැත්විණ. ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අබියසදීයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කිරීමට කැපවූ සියලු රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කෘතඥතාව දැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් සර්ව ආගමික වතාවත් සිදුකළ අතර විනාඩියක නිහඬතාවක් රකිමින් රණවිරුවන් සිහිපත් කරනු ලැබී ය. අනතුරුව රණවිරු ස්මාරකයට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්, මෙන් ම රණවිරු පවුල්හි සාමාජිකයින් පුෂ්පෝපහාර දැක්වූහ. මේ අතර, මියගිය රණවිරුවන් සිහි කිරිම වෙනුවෙන්, අද රාත්‍රී 7ට සියලු දෙනා පහනක් දල්වා ඔවුන්ට උත්තමාචාර දක්වන්නැයි, යුද හමුදාව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. https://www.youtube.com/watch?v=g636fXfld5g