කතානායකවරයාගෙන් නිවේදනයක්…

කතානායකවරයාගෙන් නිවේදනයක්…

කතානායකවරයාගෙන් නිවේදනයක්…

කර්තෘ Staff writer

19 May, 2019 | 9:00 pm

COLOMBO (News 1st) : කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව එහි සඳහන් ය.

අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බව ද එහි දැක්වේ.

එබැවින් එම තත්ත්වය තවත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයාගේ නිවේදනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]