ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-03-2019 | 6:50 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්විය. 2. උප්පැන්න, මරණ හා විවාහ ලේඛන සඳහා හඳුන්වා දීමේ අංකයක් යෙදීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ. 3. කොළඹ මහජන පුස්තකාලය ඊයේ ඩිජිටල්කරණය කෙරිණි. 4. මොරටුමුල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු හඳුනාගෙන තිබේ. 5. ඇල්පි‍ටිය බස් නැවතුම්පොළෙහි නවතා තිබියදී පැහැර ගැනුණු බස් රථය සොයා ගෙන තිබේ. 6. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදෙස් පුවත් 7. අක්‍රීයව පැවති Facebook , Instagram සහ Whatsapp වෙබ් අඩවි තරමක් දුරට යථා තත්ත්වයට පත් කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩා පුවත් 8. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නිවේදනය කළේ ය. 9. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහාතා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව යළි දිවයිනට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.