කොළඹ මහජන පුස්තකාලය Digital වෙයි

කොළඹ මහජන පුස්තකාලය Digital වෙයි

by Staff writer 14-03-2019 | 6:04 PM
COLOMBO (News 1st) - කොළඹ මහජන පුස්තකාලය අද ඩිජීටල්කරණය කෙරිණි. මෙම අවස්ථාවට ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කොළඹ මහජන පුස්තකාලය ග්‍රන්ථ දස ලක්ෂයකින් පමණ සමන්විත ය. මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමත් සමග පාඨකයින්ට නිවසේ සිට තමන්ට අවශ්‍ය ග්‍රන්ථය පිළිබඳව පරීක්ෂා කිරීමට හැකි අතර අනෙකුත් සේවාවන් ද මේ යටතේ පහසු කර තිබේ.