පැය 8ක් අක්‍රියව තිබූ Facebook යම්තාක් දුරකට සක්‍රිය වෙයි

පැය 8ක් අක්‍රියව තිබූ Facebook යම්තාක් දුරකට සක්‍රිය වෙයි

පැය 8ක් අක්‍රියව තිබූ Facebook යම්තාක් දුරකට සක්‍රිය වෙයි

කර්තෘ Staff writer

14 Mar, 2019 | 11:44 am

COLOMBO (News 1st) : පැය කිහිපයක සිට අක්‍රියව පැවති Facebook , Instagram සහ Whatsapp වෙබ් අඩවි මේ වනවිට තරමක් දුරට යථා තත්ත්වයට පත්කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ය.

මෙය සැලකෙන්නේ වසර 15 ක Facebook ඉතිහාසයේ මෙවැනි දරුණුතම බිඳවැටීමක් සිදුවු ප්‍රථම අවස්ථාව ලෙසයි.

අමෙරිකාව , යුරෝපය , පිලිපීනය , ඕස්ට්‍රේලියාව , ආසියාව සහ දකුණු අමෙරිකානු කලාපයේ රටවල් රැසක ,Facebook , Facebook Messenger සහ Instagram යන සමාජ වෙබ් අඩවි අක්‍රිය වූ බව ගිණුම් හිමියන් චෝදනා කර තිබිණ.

මීට පෙර Facebook වෙබ් අඩවිය මෙවැනි බිඳවැටීමකට ලක්වූයේ 2008 වසරේ වන අතර ඒ වනවිට එම වෙබ් අඩවියේ සිටි ගිණුම් හිමියන් සංඛ්‍යාව මිලියන 150 ක් පමණයි .

කෙසේ නමුත් මේ වනවිට Facebook වෙබ් අඩවිය මාසිකව භාවිත කරන ගිණුම්හිමියන් සංඛ්‍යාව බිලියන 2.3කි.

මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ කර නොමැති වුවත් ඩී ඩී ඕ එස් නැමති සයිබර් ප්‍රහාරය ඊට හේතු නොවු බව Facebook ආයතනය නිවේදනය කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆේස්බුක් වර්ක්ප්ලේස් නැමති අන්තර් සන්නිවේදන කටයුතු සඳහා ව්‍යාපාරිකයන් යොදාගන්නා සන්නිවේදන ක්‍රමවේදය ද අක්‍රිය වීමෙන් ලොව පුරා ව්‍යාපාර කටයුතු ද බලපෑමට ලක්වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]