අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff writer

14 Mar, 2019 | 12:21 pm

COLOMBO (News 1st) : අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද පෙරවරුවේ කොළඹ 4 මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ඊයේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසුරීමේ චෝදනා මත මහිල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගැනිණ.

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.

එහිදී උද්ඝෝෂකවරුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුලුගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ඊයේ උද්‍ඝෝෂණයට අදාළ දර්ශන පහතින්….