English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
14 Mar, 2019 | 6:49 pm
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් අද විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්විය.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම මෙම හමුවේ අපේක්ෂාවයි.
පක්ෂ දෙක අතර මෙවැනි සාකච්ඡාවක් නිල වශයෙන් පැවති ප්‍රථම අවස්ථාව මෙයයි.
සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, පුළුල් ජාතික පෙරමුණක් නිර්මාණය කර ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් අද පැවැත්වූ බව ය.
ලබන 21 වන දා යළි පක්ෂ දෙක අතර සාකච්ඡාවක් පවත්වන බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මෙය ඉදිරි මැතිවරණය ඉලක්ක කර නොගත් සාකච්ඡාවක් බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
25 Nov, 2019 | 06:18 AM
09 Nov, 2019 | 06:56 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS