ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-01-2019 | 6:47 AM

බෙදාගැනිම්: COLOMBO (News 1st)

1. අගුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් : අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබේ. 2. IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට : අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යළි මෙරටට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 3. මහින්ද රාජපක්ෂ ගොනු කෙරූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි : අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ ‍පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 4. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාලක ද සිල්වා යළි රිමාන්ඩ් : ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

විදෙස් පුවත්...

1. බ්‍රෙක්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට: අගමැති තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් : බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

ක්‍රීඩා පුවත්...

1. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ : ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධාන කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සමගින් මෙම වැඩසටහන කොළඹදී ඊයේ ආරම්භ විය.