ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-09-2018 | 6:52 AM
COLOMBO (News 1st)  1. නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අවධාරණය කළේ ය. 2. වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. මන්නාරම මුලන්කාවිල් මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284ක් සොයා ගෙන තිබේ. 4. මැදවච්චිය, ළිඳවැව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ජල ටැංකියකට වැටී මිය ගොස් තිබේ. 5. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ නගරයෙන් ගිනි ගැනීමේ සිදුවීම් 234ක් වාර්තා වන බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයෙකු වන ජෝර්ජ් පපඩොපලස්ට දින 14ක සිර දඬුවමක් නියම කර තිබේ. 7. අමෙරිකාවට අනතුරුදායක කාලයක් උදා වී ඇතැයි එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. ක්‍රීඩා පුවත් 8. සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය.