රත්නපුරේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර – ජනපති

රත්නපුරේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර – ජනපති

රත්නපුරේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර – ජනපති

කර්තෘ Staff writer

08 Sep, 2018 | 3:47 pm

COLOMBO (News 1st) – වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ නිවිතිගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

ඊට අදාළ කටයුතු කරන්නැයි පොලීසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ය.