ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-05-2019 | 7:01 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. කිසිවෙකුත් නොසිතූ මෙහොතක අප්‍රේල් 21 වන දා එල්ල වූ කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ඊයේ දිනට මාසයක් සපිරේ. 2. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතීන් කඩ වී ඇතැයි පවසමින් පාර්ශව ගණනාවක් මේ වන විට අධිකරණය හමුවට ගොස් තිබේ. 3. ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයා වැඩිදුර විමර්ශන සඳහා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේ ය. 4. අප්‍රේල් 21 වන දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සියලු දෙනාගේ අනන්‍යතාව DNA පරීක්ෂණවලින් තහවුරු කර ගෙන තිබේ. 5. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය ඊයේ නියෝග කළේ ය. 6. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබී ය. 7. ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දෙනු ලැබී ය. විදෙස් පුවත් 8. ඔස්ට්‍රියානු රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමමින් ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත්ව තිබේ.