අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා වැඩිදුර විමර්ශන සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා වැඩිදුර විමර්ශන සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා වැඩිදුර විමර්ශන සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට

කර්තෘ Staff writer

21 May, 2019 | 9:17 pm

COLOMBO (News 1st) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයා වැඩිදුර විමර්ශන සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේ ය.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු රැගෙන ආ බව ය.

අදාළ සේවකයා පරිහරණය කළ භාණ්ඩ සහ ඔහුගේ රාජකාරි කාලය තුළ සිදු කර ඇති කාර්යයන් මෙහිදී විමර්ශනය කෙරුණු බව ඔහු සඳහන් කළේ ය.

පසුගියදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයා මාස තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට අවසර දුන්නේ ය.

එලෙස අත්අඩංගුවට පත් වුණේ, පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ රාජකාරියේ නිරතව සිටි මහනුවර පදිංචි අවුරුදු 45ක් පමණ වන මුස්ලිම් ජාතිකයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]