රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

කර්තෘ Staff writer

21 May, 2019 | 12:43 pm

COLOMBO (News 1st) : අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අභියෝගයකට ලක් කරමින් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිණි ශර්මිලා ගෝනවල මහත්මිය ගොනු කර තිබු රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

පෙත්සම්කාර ශර්මිලා ගෝනවල මහත්මියට වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එවැනි පෙත්සමක් ගොනු කිරීමට නෛතික බලයක් නොමැති බවත් ,පෙත්සමේ සඳහන් කරුණු ද කිසිදු නෛතික භාවයකින් තොර වන බැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා අනිල් ගුණසිංහ මහතා ගොනු කර තිබූ මූලික විරෝධතාව සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ.

රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය බැංකු 2ක චෙක් පත් මුද්‍රණය කරන සමාගමක කොටස්කරුවෙකු බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට නෛතික බලයක් නොමැති බවට නිගමනය කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අභියාචනාධිකරණයට එම පෙත්සම ගොනු කර තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]