ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 02-08-2021 | 7:47 AM
දේශීය පුවත් 1 ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථාන මෙන්න.. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම ඊයේ(01) උදෑසන සිට ආරම්භ වේ. 2. රාජ්‍ය සේවකයින්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව කටයුතු කරන්න – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට දැනුම්දීමක් අද (02) සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල⁣ට දන්වා සිටී. 3. රුපියල් මිලියන 32ක කේරළ ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට.. උතුරු මුහුදේදී, රුපියල් මිලියන 32කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 4. පුරවැසියනි, වෙනස් කිරීම සඳහා එකතු වෙන්න: රට ගොඩ නැගීම සඳහා භාරගන්න අපි සූදානම්! – අනුර කුමාර ජාතික ජන බලවේගය ඊයේ(01) මාධ්‍ය හමුවක් කැඳවමින් රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. 5. ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීයව කොරෝනා අසාදිතයින් ඉහළට – WHO ශ්‍රී ලංකා කාර්යාලය.. ශ්‍රී ලංකාවේ අතුළුව ගෝලීයව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. විදෙස් පුවත් 1. ඩෙල්ටා ප්‍රභේදය නිසා චීනය සහ ඔස්ට්‍රේලියාව කොරෝනා නීති දැඩි කරයි ඩෙල්ටා ප්‍රභේදයේ ,සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ සහ ඔස්ට්‍රේලියාවේ කොරෝනා සීමා යළිත් දැඩි කර තිබේ. 2 තුර්කියේ ලැව්ගිනි නිසා 06ක් මරුට.. තුර්කියේ ලැව්ගිනි අවදානමට ලක්වූ සංචාරක නිකේතනවලින් විදේශිය සංචාරකයින් රැසක් ඉවත් කර ඇත. ක්‍රීඩා පුවත් 1. ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස්ට ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස්, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, වේගවත්ම ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳුවේය . 2 නවසීලන්තය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා රන් පදක්කම දිනාගනී නවසීලන්ත කණ්ඩායම 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගත්තේ ය.