තුර්කියේ ලැව්ගිනි නිසා 06ක් මරුට..

තුර්කියේ ලැව්ගිනි නිසා 06ක් මරුට..

by Staff writer 01-08-2021 | 7:04 PM

COLOMBO (News 1st ) - තුර්කියේ ලැව්ගිනි අවදානමට ලක්වූ සංචාරක නිකේතනවලින් විදේශිය සංචාරකයින් රැසක් ඉවත් කර ඇත.

බලධාරීන් සඳහන් කළේ, තුර්කියේ නිරිත දිග ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිත සංචාරක නිකේතන සහ නිවාසවල සිටි විශාල පිරිසක් ඉවත් කර ඇති බවය. පසුගිය බදාදා සිට පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත. තවත් විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටී.