ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-05-2021 | 6:00 AM
දේශීය පුවත් 1. සංචරණ සීමා පනවා ඇති කාලයේ ජනතා ගැටලු නිරාකරණයට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන.. – සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. 2. කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ඉදිකෙරෙන නව වාට්ටු සංකීර්ණය – කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව මූලික රෝහල පරිශ්‍රයේ ගුවන් හමුදාවේ දායකත්වයෙන් වාට්ටු සංකීර්ණයක් ඉදිරිවෙමින් තිබේ. 3.වහලයක් උඩ සරුංගල් යැවූ තිදෙනෙකු වහලය කඩා වැටීමෙන් මරුට – ගාල්ල, මකුලව ප්‍රදේශයේ නිවසක වහලයක් කඩා වැටීමෙන් තිදෙනෙකු ඊයේ (14) මියගොස් තිබේ. 4 . ගංගාවල ජල මට්ටම් අඛණ්ඩව ඉහළට: වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අනතුරු ඇඟවීම් – කළු, කැලණි, ගිං, නිල්වලා , අත්තනගලු සහ මා ඔයේ ජල මට්ටම් අඛණ්ඩව ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 5. සඳුදා දක්වා පැවැත්වෙන ගමන් තහනම් කාලය තුළ මහජනතාව ක්‍රියා කළ යුතු ආකාරය.. – දිවයිනපුරා බලපැවැත්වෙන පරිදි පෙරේදා (13) රාත්‍රී 11.00 සිට ලබන සඳුදා(17) අලුයම 4.00 දක්වා ගමන් තහනමක් ක්‍රියාත්මක වේ. විදෙස් පුවත් 1. COVID වසංගතය පාලනයට නිසි කල නිසි පියවර නොගත් බ්‍රසීල ජනපති වැරදිකරු වෙයි ද? : කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවෙන් පසු ලොව දෙවන තැනට කොරෝනා මරණ වාර්තා වී ඇති රට බ්‍රසීලයයි.