කොවිඩ් ආසාදිතයින්ට නව වාට්ටු සංකීර්ණයක්

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ඉදිකෙරෙන නව වාට්ටු සංකීර්ණය

by Staff writer 14-05-2021 | 9:05 PM

COLOMBO (News 1st) – කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව මූලික රෝහල පරිශ්‍රයේ ගුවන් හමුදාවේ දායකත්වයෙන් වාට්ටු සංකීර්ණයක් ඉදිරිවෙමින් තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අද එහි ඉදිකිරීම් කටයුතු සොයා බැලුවේ ය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එහිදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය. "මේ අවස්ථාවේ අපි සියලු දෙනා දන්නවා රටේ රෝගීන් වැඩි වෙමින් යනවා. එතකොට ඒ රෝගීන් තබා ගැනීමට ඒ රෝගීන්ට උපස්ථාන කිරීමට සුදුසු වූ ස්ථාන අවශ්‍යයි. අපි මේක මාර්තු මාසේ හදන්න පටන් ගත්තේ. ඉතින් මම අද ඇවිල්ලා මොවුන්ට උපදෙස් දුන්නා මාසයක් ඇතුළත මේ වාට්ටු සංකීර්ණය සාදා නිම කරන්න කියලා"