ලබන 17 සිට තවත් ප්‍රදේශ 42ක් Lockdown

ලබන 17 අලුයම 4.00 සිට දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් Lockdown

by Staff writer 14-05-2021 | 7:38 AM

COLOMBO (News 1st) - ලබන 17 වැනිදා අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 24ක් එලෙස හුදකලා කෙරේ. ඊට අමතරව  ත්‍රිකුණාමලය සහ කළුතර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 08ක්  හුදකලා බවින් නිදහස් කෙරේ. එම ප්‍රදේශ මෙසේය..