ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-05-2021 | 6:07 AM

දේශීය පුවත්

1. ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ: විශේෂඥ කමිටු වාර්තාවෙන් තහවුරු වෙයි – දේශිය වෛද්‍ය අමාත්‍යාංශය: කෑගල්ලේ ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු ඖෂධයක් නොවන බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි දේශිය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. 2. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ පිරිසක් ඊයේ(05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. 3. රිෂාඩ්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ – නීතිපති: පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) දැනුම් දී තිබේ. 4. IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට…?: IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් යළි සිය රටට යාමට නොහැකි වීම හමුවේ, ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නවාතැන් ගැනීම වෙත අවධානය යොමුව තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙයි: කෝටි 2 කට වැඩි කොරෝනා ආසාදිතයින් සමග ඉන්දියාව තවමත් ඔක්සිජන් සොයමින් සිටී.