IPL ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෙරට නිරෝධායනයට.

IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට...?

by Staff writer 05-05-2021 | 6:57 PM
IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් යළි සිය රටට යාමට නොහැකි වීම හමුවේ, ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නවාතැන් ගැනීම වෙත අවධානය යොමුව තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නික් හොක්ලි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, සිය ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනේ නිරෝධායනයට අවස්ථාව සැලසීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහාය ලබා දෙන බවයි. IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් පසු තරගාවලිය අත්හිටුවීමට IPL සංවිධායකවරු ඊයේ (4) තීරණය කළහ. කොරෝනා ව්‍යාප්තිය හමුවේ, ඉන්දියාවේ සිට පැමිණෙන සියලු දෙනාට මැයි 15 තෙක් ඔස්ට්‍රෙිලියාව ගමන් තහනමක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම ක්‍රීඩකයින්ට ද සිය රටට යාමට අවසර හිමිව නැත. පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක මයික් හසීද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවේ දින 10 ක නිරෝධායනයට යොමුකර ඇත. මීට අමතරව තරගාවලියට සහභාගිවූ වෙනත් රටවල ක්‍රීඩකයින් ඇතුලු 10 දෙනෙකුට පමණ කොවිඩ් ආසාදනයවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා පවසන්නේ, ක්‍රිඩකයින් රටට ගෙන ඒම සඳහා අවසර ලබා ගන්නා තෙක් ඉන්දියාවෙන් පිටත අසල්වැසි රටක නවාතැන් ගන්නා ලෙසයි. IPL තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් ද ඇතුළුව ඉන්දියාවය පැමිණ සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 38කි. කෙසේ වෙතත්, මෙලෙස ඉන්දියාවේ සිට පැමිණෙන පිරිස් වෙත මෙරටට පැමිණීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අප්‍රසාදය පළ කර සිටියි. ලොව රටවල් බොහෝමයක් ඉන්දියාව හරහා පැමිණෙන පිරිස්වෙත ද තම රටවලට ඇතුළු වීම තහනම් කොට ඇති වට පිටාවක  මෙරට බලධාරීන් එවැනි තීරණයක් නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරයි.
රවී කුමුදේශ් - සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය දඹුල්ල ප්‍රදේශයේ ඉන්දියානු සංචාරකයින් නවත්වලා තිබ්බ් හෝටලයක ඒ ඉන්දියානු සංචාරකයන්ගේ සියලුම වාර්තා නෙගටිව් වෙද්දී ඉන්දියානු සංචාරකයන් හෝටලටෙන් ගියාට පස්සේ පරීක්ෂන කලාට පස්සේ ඒ හෝටලයේ හිටපු සේවකයන්ගෙ 40 න් 20 ක්ම ආසාදිකයන් බවට පරිවර්ථනය වෙලා තියෙනවා.එතකොට අර ඉන්දියානු සංචාරකයෝ ඇත්තටම නෙගටිව්ද ? ,ඇත්තටම නෙගටිව් නම් කොහොමද මේ හෝටලේ අයට මෙච්චර ප්‍රමාණයකින් මේ රෝගය වැළදුනේ.හෝටලේ අයට පොසිටිව් නම් මේ තරම් විශාල ප්‍රමාණයකට හතලිහෙන් 20 ක් කියන්නේ සියයට 50 කට අඩුම ගානේ ඉන්දියානු සංචාරකයන් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි මේ රෝගය බෝ වුනේ නැද්ද? ,මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්නටම ඕනේ නිසයි අපි මේ කියන්නේ. මේවා සම්බන්ධයෙන් කවුද අධීක්ෂණය කරන්නේ.
   
COLOMBO (News 1st) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් IPL තරගාවලිය  අත්හිටුවීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , IPL සභාපති බ්‍රිජේෂ් පටෙල්  ඒ බව තහවුරු කළ බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනාගේ ම ආරක්ෂාව පිළිබඳ සලකා  පාලක සභාව සහ BCCI ඉහළ පෙළ සාමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි. මේ වනවිට ඉන්දියාව පුරා කොරෝනා වෛරසය අවදානම් සහතව පැතිරෙමින් යන අතර මිලියන 200කට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර 222,000 කට වැඩි අසාදිතයින් සංඛ්‍යාවකට ජීවිත අහිමිවී තිබේ. සබැඳි පුවත්… 

ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි