ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි

ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි

by Sagarika Chathumali 03-05-2021 | 4:54 PM

COLOMBO (News 1st) : කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (3) පැවැත්වීමට නියමිතව තිබූ IPL තරගය කල් දමා තිබේ.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි. එලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා‌ ගෙන ඇති වරුන් චක්‍රවර්ති (29) සහ සන්දීප් වොරියර්ට (30) වෛද්‍ය නිරීක්ෂණය යටතේ හුදකලාව සිටින බව විදෙස්  මාධ්‍ය වාර්තා කර තිබේ. මෙවර IPL තරගාවලිය ආරම්භ වූ අප්‍රේල් 9 වනදා සිට මේ දක්වා ක්‍රීඩකයින් ආසාදිතයින් ලෙස වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. අද තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ, අහමදාබාද්හිදී ය. මේ අතර, මීට පෙර ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තවීම සිග්‍රලෙස වැඩි වීමත් සමගින් තරගාවලියෙන් ඉවත්විය. කොවිඩ් 19 වෛරසය ඉන්දියාව පුරා සීඝ්‍ර ලෙස පැතිර යාමත් සමග IPL සඳහා සහභාගී විමට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඇන්ඩ්‍ර ටයි, ඇඩම් සම්පා සහ කේන් රිචඩ්සන් මීට පෙර යළි සිය රට බලා පිටත්ව ගියහ. එසේම ඉන්දීය ක්‍රීඩක රවි චන්ද්‍රන් අශ්වින් තරාගවලියෙන් ඉවත් වූයේ මෙම අවස්ථාවේ පවුලේ සාමාජිකයින්ට සිය සහය අවශ්‍ය බව පවසමිනි. තවදුරටත් ඉන්දියාව තුළ කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීම මෙන්ම රෝගීන්ට රෝහල්වල පහසුකම් සැලසීමේදී අර්බූදකාරි තත්ත්වයක් පැන නැගී ඇති අතර පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,689ක් වාර්තා වී තිබේ.