ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ: විශේෂඥ කමිටු වාර්තාවෙන් තහවුරු වෙයි - දේශිය වෛද්‍ය අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 05-05-2021 | 11:21 PM
  COLOMBO (News 1st): කෑගල්ලේ ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා සුදුසු ඖෂධයක් නොවන බව සායනික පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි දේශිය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂඥ කමිටුව සිය වාර්තාවෙන් එය පෙන්වා දුන් බව දේශිය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.