ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-04-2021 | 6:25 AM
දේශීය පුවත් 1. රජයේ නිවාඩුවක් වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට විවෘතයි.. – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබේ. 2. අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් නිසා පීඩාවට පත් සමෘද්ධි සහ අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක් – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබේ. 3. වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි – වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබේ. 4. පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග – බන්දුල ගුණවර්ධන – රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 5. 2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනි දා සිට ඇරඹේ – 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් පුවත් 1. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද? – එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම ඊයේ (10) සිදු විය.