සතොසෙන් රජයේ පාලන මිලකට කුකුළු මස්

පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග - බන්දුල ගුණවර්ධන

by Staff writer 10-04-2021 | 7:48 AM

COLOMBO (News 1st) - රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය. උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.