පිලිප් කුමරුගේ අවමංගල්‍යයේ කටයුතු වෙනස් වේවිද?

පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?

by Staff writer 10-04-2021 | 7:03 PM

COLOMBO (News 1st) – එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම අද සිදු විය.

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුට ගෞරව පුද කරමින් එක්සත් රාජධානිය පුරා මෙලෙස වෙඩි මුර පිරිනැමීම ආරම්භ වුණේ, මෙරට වෙලාවෙන් පස්වරු 4.30 ට පමණයි. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ලන්ඩන්, එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් මිනිත්තු 40 ක් මිනිත්තුවකට වරක් බැගින් මෙම වෙඩි මුර පිරි නැමුණු බවයි. කුමරුගේ කැමැත්ත වී ඇත්තේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවටයි. පිලිප් කුමරුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.