ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

08 Sep, 2020 | 6:33 am

දේශීය පුවත්

1. 21 ත්‍රස්ත ප්‍රහාරය, මුජිබර් රහුමාන් හෙළි කළ දේ..: හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා ඊයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

2. සෞදියෙන් පිටවන ලාංකික ශ්‍රමිකයින්ගෙන් දඩ අය නොකිරීමට තීරණයක් – සෞදි රජය: සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබේ.

3. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමේ සාකච්ඡාවක්: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාකච්ඡා විය.

4. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පැනවූ බදු 2ක් ඉවත⁣ට: මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි: අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]