ලාංකික ශ්‍රමිකයින් ගැන සෞදිය ගත් තීන්දුව

සෞදියෙන් පිටවන ලාංකික ශ්‍රමිකයින්ගෙන් දඩ අය නොකිරීමට තීරණයක් - සෞදි රජය

by Staff writer 07-09-2020 | 9:49 PM

COLOMBO (News 1st) : සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළැඹ ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවයි. කෙසේ වෙතත් සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ඇගයීමට ලක්කර තිබේ. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිනීමට ලියාපදිංචි වී ඇති බවයි.