අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් ඉහළට

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි

by Staff writer 07-09-2020 | 11:25 AM

COLOMBO (News1st): අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ.

ඒ, එරට ප්‍රාන්ත 50 න් 22 කින්ම නව ආසාදිතයන් වාර්තා වීම ඉහළයාමත් සමගිනි. මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු දිග ප්‍රදේශවලින් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබේ. ශීත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ශීත කාලගුණය එළැඹීමට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ යුතු බව අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙති