ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-07-2020 | 6:33 AM

දේශීය පුවත්

1. පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට ජනපති අවධානය: පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. 2. අප්‍රේල් 21 ප්‍රහාරය, අන්තවාදයට සම්බන්ධ 94 කගේ නම් පොලිස්පතිට දුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු හෙළි කරයි: ජාතික තවුහිද් ජමාත් සංවිධානය ප්‍රමුඛ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 94 දෙනෙකුගේ නම් ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් එවක පොලිස්පති‍වරයාට යොමු කළ බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ. 3. විනාශ කළ කුරුණෑගල පුරාවස්තු යළි සකසන්න ජනතාවගේම මුදල් යොදවයි ද?: විනාශ කළ කුරුණෑගල පුරාවස්තු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කිරීමට බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. 4. රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ: ඊයේ අලුයම මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රෝගියා යළි සොයා ගැනුණි.

විදෙස් පුවත්

5. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී: අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ.