ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-07-2020 | 6:07 AM

දේශීය පුවත්....

1. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2665ක් දක්වා ඉහළට : කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2665ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2. අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා…! රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් : කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 3. නිරෝධායනය වන ජනතාවට සවස 4න් පසු ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් – මැතිවරණ කොමිසමේ සභාපති : සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලනඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 4. ”COVID 19 මර්දනයේදී බොහෝ රටවල් වැරදි දිශාවට ගමන් කරලා” – WHO  : කොවිඩ් 19 මර්දනය කිරීමේදී බොහෝ රටවල් වැරදි දිශාවට ගමන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 5. ”කුමන බාධක පැමිණිය ත් ජනතාව රකින වගකීම අත්හරින්නේ නැහැ”- ජනපති : රට තුළ මතුවිය හැකි කොරෝනා වෛසරය පැතිරීමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 6. මග්ගොනදී මුහුදේ ගසාගෙන ගිය සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ගොඩ ගසයි : බේරුවල, මග්ගොන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී සහෝදරියන් දෙදෙනෙකු රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. 7. දඩ කොළයක් දුන් පොලිස් නිලධාරීන් ටිපර් රථයකින් යට කරයි: කොස්තාපල්වරයෙකු මරුට (CCTV දර්ශන) : මාතර, හක්මන, කිරින්ද නගරයේ මාර්ග බාධකයක රාජකාරියේ නියුතු වූ පෙලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පළා ගිය ටිපර් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 8. බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි : බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.