මුහුදේ අතුරුදන් වූ දැරියන් දෙදෙනාගේ සිරුරු ගොඩගසයි

මග්ගොනදී මුහුදේ ගසාගෙන ගිය සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ගොඩ ගසයි

by Staff writer 14-07-2020 | 11:29 AM

COLOMBO (News 1st) - බේරුවල, මග්ගොන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී සහෝදරියන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අද උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩගසා තිබූ බවය. මග්ගොන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වෙරළට එම සිරුරු ගොඩගසා තිබුණි. ප්‍රදේශවාසීන් පයාගල, පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මියගිය දෙදෙනාගේ පවුලේ සාමාජිකයින් කැඳවීමට පොලීසිය කටයුතු කළේ ය. ඊයේ පස්වරුවේ බේරුවල ජුම්මා දේවස්ථානය පිටුපස වෙරළ තීරයට මෙම පිරිස පැමිණ තිබුණේ එහි විනෝද වීමේ අරමුණිනි. මුහුදු රළ පාගමින් සිටියදී හදිසියේ පැමිණි රළ පහරකට ඔවුන් ගසාගෙන ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/593319214903788/