රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 14-07-2020 | 7:25 AM

COLOMBO (News 1st) - බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බවය. ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය. කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බවය. මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.