''කුමන බාධක පැමිණිය ත් ජනතාව ආරක්ෂා කරනවා''

''කුමන බාධක පැමිණිය ත් ජනතාව රකින වගකීම අත්හරින්නේ නැහැ''- ජනපති

by Staff writer 14-07-2020 | 5:03 PM

COLOMBO (News 1st) : රට තුළ මතුවිය හැකි කොරෝනා වෛසරය පැතිරීමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද පැවති සාකච්ඡාවකදී ය. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්නොහරින බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය තිබේ. ආසාදිතයින් සොයා අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/272784560657980/