ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-07-2020 | 6:08 AM

දේශීය පුවත්

1. පේසාලේ සහ පලෙයි සිදුවිම් 2 ක් ගැන පොලිස් විමර්ශන: මන්නාරම, පේසාලේ සහ පලෙයි, අයියකච්චි ප්‍රදේශවල සිදුවීම් දෙකක් පිළිබඳව පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. 2. ගැටලු විසඳා දෙන්නේ නම් මාස දෙකෙන් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් අරඹනවා – වරාය අධිකාරියේ සභාපති: රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව වි​සඳා දෙන්නේ නම් මාස දෙකක් පමණ ඇතුළත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා පවසයි. 3. දින 4 ක් මහ මුහුද සමග පොරබැද දිවි බේරාගත් අරුම පුදුම ධීවරයෝ: චෙන්නායි සිට නාවික සැතපුම් 170 ක් පමණ රළු මුහුදේ අනතුරකට පත්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු වෙළෙඳ නෞකාවක් වන එම්.වී.වයි.එම් සමුළුව නෞකාව විසින් පසුගිය ඉරිදා බේරාගෙන තිබේ. 4.රෝහිත රාජපක්ෂ දේශපාලන වේදිකාවේදී කතා කරයි: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් මහ මැතිවරණයට තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයකට ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ද සහභාගි විය.

විදෙස් පුවත්

5. ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට: ඉන්දියාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.