ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 06-07-2020 | 10:29 AM

COLOMBO (News 1st) : ඉන්දියාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව රුසියාව අභිබවා ඇත. COVID-19 වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වී තිබුණේ අමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවට ය. ඊයේ දිනයේ ලොව COVID-19 ව්‍යාප්තිය රටවල් අතර හතරවැනි ස්ථානයේ සිටි ඉන්දියාව රුසියාව අභිබවා තුන්වැනි ස්ථානයට පැමිණියේ ය. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 23,932 කි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 421ක් වේ. මේ වනවිට ඉන්දියාවෙන් COVID-19 මරණ 19,700 ක් වාර්තාවන අතර එරටින් වාර්තාවන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 697,836 කි. COVID-19 වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව ලොව විශාලතම තාවකාලික COVID-19 රෝහලක් ඉදිකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව තාවකාලික රෝහල ඇදන් 10000 කින් සමන්විතයි. තාවකාලික රෝහල නවදිල්ලි නුවර ඉදිකර ඇති බව ද සඳහන් ය. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මාර්තු මාසයේ සිට ඉන්දියාව දැඩි පාලනයකින් වසා දමා ඇති අනුව ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පසුගිය සති කිහිපයේ සිට සීමාවන් ලිහිල් කරනු ලැබුවේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ පාසල්, සිනමාශාලා, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුළු බහුතරයක් තවමත් වසා දමා ඇති බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ගුවන් යනා තවදුරටත් ඉන්දියාවට ගොඩබස්වන බව වාර්තා වේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ මුම්බායි නගරයට දැඩි වර්ෂාපතනයක්ද ඇද හැලෙන බවයි.