පේසාලේ සහ පලෙයි සිදුවිම් 2 ක් ගැන පොලිස් විමර්ශන

පේසාලේ සහ පලෙයි සිදුවිම් 2 ක් ගැන පොලිස් විමර්ශන

by Staff writer 06-07-2020 | 10:11 PM
? පේසාලේ දේවස්ථානයකට ඇතුළු වූ පුද්ගලයා කවු ද? ? පලෙයි නිවසක පිපිරීමට අදාළ කාන්තාව ගැන රැඳවුම් නියෝග මත විමර්ශනයක්

COLOMBO (News 1st) - මන්නාරම, පේසාලේ සහ පලෙයි, අයියකච්චි ප්‍රදේශවල සිදුවීම් දෙකක් පිළිබඳව පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මන්නාරම, පේසාලෙයි විජයග්‍රහණයේ මාතාවගේ දේවස්ථානයට පෙරේදා ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයෙකු ගැන පොලීසිය විමර්ශන ආරම්භ කළේ, දේවස්ථානය භාර පියතුමා කළ පැමිණිල්ලකට අනුවයි. සැකකටයුතු පුද්ගලයා බෑගක් ද රැගෙන පෙරේදා දහවල් දේවස්ථානයට ඇතුළුවී තිබූ අතර එහි සිටි කාන්තාවක කළ දැනුම්දීමක් අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණි. මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ද මේ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර සීසීටීවී දර්ශන ඔස්සේ පොලීසිය සැකකරු සොයා පරීක්ෂණ දියත් කර තිබේ. ඒ අනුව සැකකටයුතු පුද්ගලයා අද යාපනයේ ශාන්ත මරියා දේවස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගැණුනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, සැකකරු මන්නාරම, වංකාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගත් බවයි. සැකකරු මේ වනවිට මන්නාරම පොලීසියට භාරදී තිබේ. සැකකරු මානසික රෝගයකින් පෙළෙන අයෙකු ලෙස සැකකරන බව පවසන පොලීසිය සඳහන් කළේ, ඔහුගේ බෑගයේ තිබී ඇඳුම් කිහිපයක් සොයාගත් බවයි. FLASH BACK ? 2018 ඔක්තෝබර් මාසයේදී නාමල් කුමාර නැමත්තෙකු හෙළි කළ ජනපති ඝාතන කුමන්ත්‍රනයට ආනුව එම් තෝමස් නමැති ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට. ? තෝමස් මානසික රෝගයකින් පෙළෙන අයෙකු බව පසුව කියයි. ? අවස්ථා කිහිපයකදීම අධිකරණයට කරුණු වාර්තා කෙරේ. ? තෝමස්ට සිදුවූයේ කුමක්ද? අවධානයට... මේ අතර පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ නිවසක පසුගිය 3 වැනි දා සිදු වූ පිපිරීම ගැන රස පරීක්ෂකවරයා අද විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, රස පරීක්ෂක දෙපාර්තමෙන්තුවේ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ සහකාර රස පරීක්ෂකවරයා අද පිපිරීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළ බවයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබු 45 හැවිරිදි පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම පුද්ගලයා ඊයේ අනුරාධපුර රෝහලේදී පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බවය. මේ අතර තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගේ බිරිඳ ද ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාන්තාව දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදු කරන බව පොලීසිය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/299864451382589/