ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-07-2020 | 6:28 AM

දේශීය පුවත්

1. නීතිපතිගේ වැඩසටහනක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා:නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ පොලීසියේ හා බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඇමතුවේ ය. 2. වරායේ සේවක වැඩ වර්ජනය අවසන්: කොළඹ වරායට චීනයෙන් ගෙනා දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමත් සමග වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 3. 2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ – ICC: 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවාදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තරම් සාක්ෂි නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය. 4. රාජිතගේ පැටිකිරිය එළියට ආවා – රෝහිත අබේගුණවර්ධන: ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් මුදල් ගත් බවට කෙරෙන චෝදනාවලට දේශපාලඥයින් දැන් විවිධ ප්‍රතිචාර දක්වමින් සිටී. 5. ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කරන්න පටන් අරන් – සජිත් ප්‍රේමදාස: ආණ්ඩුව නොහැකියාව වසා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කිරීමට ද පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදෙස් පුවත්

6. පළමු වරට දිනක් තුළ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි: ලොව දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට ලක්ෂ 2 ඉක්ම ගොස් තිබේ.