තරග පාවාදීමක් ගැන කිසිදු සාක්ෂියක් නැහැ - ICC

2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ - ICC

by Staff writer 03-07-2020 | 9:07 PM

COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවාදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තරම් සාක්ෂි නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පස්වරුවේ නිවේදනය කළේ ය.

කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අපේ රටේ නම ලෝකයට අරගෙන ගිය අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකි. 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවා දී ඇතැයි අවුරුදු 9 කට පස්සේ එවක ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් නිසා මේ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනාට පොලිස් ඒකකයක් ඉදිරියට කැඳවීම් ලැබුණි. මහේල ජයවර්ධන මහතාට අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම් ලැබී තිබුණත් එය කල් දැමීමට පොලීසිය පියවර ගත්තේ ය. මේ අතර අද පස්වරුවේ පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, 2011 අවසාන තරගය පාවාදීමක් ගැන කරුණු අනාවණය වී නොමැති බවයි.