නීතිපතිගේ වැඩසටහනක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා

නීතිපතිගේ වැඩසටහනක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා

by Staff writer 03-07-2020 | 9:29 PM

COLOMBO (News 1st) :  නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පොලීසියේ හා බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඇමතුවේ ය.

නීතිපතිවරයා මේ පිරිස හමුවීමට යොදාගෙන තිබුණේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයි. එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ද ඇරයුම්කර තිබුණත් පොලිස් නිලධාරීන් ඊට ඉඩ දුන්නේ නැහැ. පොලිස් නිලධාරියා
ආවේගශීලී වෙන්න එපා. අපිත් මනුස්සයෝ.
මාධ්‍යවේදියා
පැය දෙකක් විතර පාරේ හිටියා.
පොලිස් නිලධාරියා
දැන් මං උදේ හයේ ඉඳලා ඉන්නවා. අපේ රාජකාරිය මේක.
මාධ්‍යවේදියා
ඒක අපිට ඔයාගේ මේක බලන්ඩ ඕන නෑ. ඔයාගේ ඒවා අපිට අදාළ නෑ.
පොලිස් නිලධාරියා
පොඩ්ඩක් එහාට වෙන්න. ඉඩ දෙන්න. ඩිස්ටර්බ් කරන්න එපා.
නීතිපතිවරයා එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු එම ස්ථානයට ඇතුළු වූ අතර ඉන් පසුව පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔහු එම ස්ථානයෙන් ඉවත් කළේ ය. පොලිස් නිලධාරීන්
අපේ රාජකාරිය අපි කරන්නේ. අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න. රාජකාරියට බාධා කරන්න එපා.