ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-12-2019 | 7:13 AM
දේශීය පුවත් 1.ජනපතිගේ නම භාවිත කර රජයේ රැකියා වෙනුවෙන් මුදල් වංචා කළ පිරිසක් කොටු : ජනාධිපතිවරයාගේ නම භාවිත කර රාජ්‍ය ආයතනවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2.ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගෙන් පැය 9ක් ප්‍රශ්න කෙරේ : කොළඹදී පැහැරගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දුන්නේ ය. 3.මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කෙරේ: මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 20 දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ ය. 4.රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කෙරේ : රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කර තිබේ. 5. ජල ගාස්තු වැඩි කිරීමට තීරණයක්:ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදු වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. විදෙස් පුවත් 1.අනපේක්ෂිත මොහොතක යළි සක්‍රීය වූ නවසීලන්ත ගිනි කන්ද :නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද අනපේක්ෂිත අයුරින් විධාරණයවීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ක්‍රීඩා පුවත් 1.රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි :අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය ඊයේ රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.