නවසීලන්තයේ ගිනි කන්දක් සක්‍රීයවීමෙන් 5ක් මරුට

අනපේක්ෂිත මොහොතක යළි සක්‍රීය වූ නවසීලන්ත ගිනි කන්ද

by Staff writer 09-12-2019 | 7:04 PM

News 1st - නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද අනපේක්ෂිත අයුරින් විධාරණයවීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

අනතුරින් මිය ගිය පිරිස තව ත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තාවල සඳහන් විය. නවසීලන්තයේ පිහිටා ඇති සක්‍රීයම ගිනි කඳු අතරින් එකක් ලෙස සැලකෙන වයිට් අයිලන්ඩ් ගිනි කන්ද විධාරණය වනවිට සංචාරකයන් 50 දෙනෙකු අධික පිරිසක් ඒ ආශ්‍රිතව සිටි බව සඳහන් ය. ගිනි කන්ද විධාරණයවීමට මිනිත්තු කිහිපයකට පෙර පුද්ගලයන් 20 දෙනෙකු පමණ ගිනි කන්දේ ආවාටය තුළ ඇවිදිමින් සිටි බව ඒ ආශ්‍රිත කැමරාවල සටහන් වූ වීඩියෝ පට මගින් ද තහවුරු වෙයි. මේ වනවිට අනතුරට ලක්වූවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පුද්ගලයන් 23 දෙනෙකු පමණ මේ මුදාගෙන තිබේ. අතුරුදන් ව සිටින ප්‍රමාණය කොපමණ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව එරට බලධාරීන් පැවසීය. අනතුරින් තුවාල ලැබූවන් හෝ ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳ මෙතෙක් නිසි ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය උපුටා දක්වන විදෙස් වාර්තාවල සඳහන් ය.