ජල ගාස්තු වැඩි කිරීමට තීරණයක්

by Staff writer 09-12-2019 | 4:22 PM

COLOMBO (News 1st) - ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදු වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

පළමු ඒකක 15 ට වැඩි කිරීමක් සිදු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසූවේ, මීගමුවේ පැවති වැඩමුළුවකදීය. මේ අතර පසුගිය ආණ්ඩුවේ නතර කළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.