රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක්

රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි

by Staff writer 09-12-2019 | 5:25 PM

News 1st - අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.

ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනයේ විධායක කමිටුව අද මෙම තීරණයට එළඹියේ ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදීය. තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු වූ උතේජක පරීක්ෂණවලට අදාළ ප්‍රතිඵල මකා දැමීමත්, රසායනාගාර දත්ත වෙනස් කිරීම සඳහා ව්‍යජ සාක්ෂි ඇතුළත් කිරීමත් වැනි කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව 2020 ටොකියෝ ඔලිම්පික් සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියානු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනයට අවසර නොලැබෙනු ඇති. කෙසේ වෙතත් තහනම් උත්තේජක අර්බුදයට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමට හැකි මලල ක්‍රීඩකයිනට ස්වාධීන ධජයක් යටතේ තරග කිරීම සඳහා හැකියාව ලැබෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.