ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-10-2019 | 6:11 AM

දේශීය පුවත්

1. දුම්රිය සේවයේ වැටුප් විෂමතා යෝජනා අධ්‍යයනයට නව කමිටුවක්: දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම හා වැටුප් ව්‍යුහය සකස් කිරීමේදී ගත යුතු යෝජනා අධ්‍යයනය කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2. කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීමට යළි අවසර: කොළඹ කසළ යළි අරුවක්කාලු කසළ රඳවනයට බැහැර කිරීමට අවසර ලබා දී තිබේ. 3. කංජිපානිට ජංගම දුරකතන දීමට තැත් කළ පියා ඇතුළු 6 දෙනාට ඇප: බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. 4. විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම දෙන්න කැබිනට් අනුමැතිය: ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. තුර්කි – සිරියා හමුදා අතර ගැටුම් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ – රුසියාව: තුර්කි සහ සිරියානු හමුදා භට පිරිස් අතර ගැටුම් හට ගැනීමට ඉඩ නොදෙන බව රුසියාව පවසයි.